
අප විසින් පවත්වනු ලබන බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාව 18 වන වරටත් මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී මෙහෙණින් වහන්සේලා 5000 ක් උදෙසා 2023 නොවැම්බර් මස 18 වන දින පවත්වන්නට යෙදුණි.
මේ තුලින් අත්පත් කරගත් කුසල් දහම් අපගේ ගුරුදෙවයන් වහන්සේලාටත්, දෙමාපිය දෙපලටත්, වසර ගණනක සිට අප සමග පුණ්‍ය කටයුතු වලට සහයෝගය ලබාදෙමින් අපවත් වී වදාළ පූජ්‍ය කණ්ඩක්කුලමේ ධම්මකිත්ති නායක හිමියන්ටත්, පූජ්‍ය පංඥාකිත්ති පණ්ඩිත හිමියන්ටත්, පූජ්‍ය ආචාර්ය පල්ලෙවෙල සාරද අනු නායක හිමියන් ඇතුළු නන් අයුරින් අපට සහයෝගය ලබාදී අපවත් වී වදාළ සියලුම ගරුතර ස්වාමින්වහන්සේලාටත්, එසේම වසර 25 ක පටන් අද දක්වා අපහට සහයෝගය ලබාදී මියපරලොව යන්නට යෙදුණු සියලුම ගිහි පින්වතුන්ටත් මේ පින් අනුමොදන්ව සසර කතරෙන් අත් මිදෙවායි ප්‍රාර්ථනා කරමු.









