
වාර්ෂිකව මානෙල්වත්ත මහා විහාරයේදී ශ්‍රී ලංකාවාසී සියලු මෙහෙණින් වහන්සේලා උදෙසා පූජාකරන්නට යෙදෙන මහා පරිෂ්කාර පූජාව මෙවර ඓතිහාසික මිහින්තලා රාජමහා විහාර පූජා භුමියේදී එහි විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ ද සහයෝගය සහිතව පවත්වන්නට කටයුතු සුදානම් කර ඇත.
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සමග දෙසැම්බර් මස 18 වන් දිනක ශ්‍රී ලංකාවට වැඩම කොට ලක්දිව මෙහෙණි සසුන ආරම්භ කරන්නට යෙදුණ අතර එය මුලික කරගෙන දෙසැම්බර් මස 26 වන දින මෙම පිංකම ඓතිහාසික මිහින්තලා රාජමහා විහාර පූජා භුමියේදී පවත්වන්නට අප අදහස් කළේය. ඒ සදහා සැදැහැ සිත් ඇති සියලු දෙනාම සම්බන්ධවන ලෙස ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.