බෞද්ධාලෝක පදනම සමාජ සුභසාධක ව්‍යාපෘතියක් මුලතිව්හි ආරම්භ කරයි

බෞද්ධාලෝක පදනම සමාජ සුභසාධක ව්‍යාපෘතියක් මුලතිව්හි ආරම්භ කරයි

බෞද්ධාලෝක පදනම මගින් මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පිබිදෙන මුලතිව් තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් රාශියකට පසුගියදා මුල පුරන ලදි.

මේ අනුව මුලතිව් සිලාවත්තේ ස්ථිර වාසස්තානයක් නොමැතිව සිටි ලක්ෂිකන් වාස් යන අයට නිවසක් තනා දීම සදහා මුල්ගල් තැබිමක් ද, මුහුදු රස්සාව තම ජිවනෝපාය කර සිටි සංජය පීරීස් යන අයට තම ජීවනෝපාය සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය බෝට්ටු එන්ජිමක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ පහක ණය ආධාරයක් ලබාදීමද සිදු කල අතර බෞද්ධාලෝක පදනමේ සමාජ සුභ සාධක ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදේශයේ ජීවත් වන ප්‍රජාවගේ සූභ සාධනය උදෙසා අලම්පිල් ප්‍රදේශයේ 24 වන බල ඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව කේන්ද්‍ර කර ගිනිමින් ප්‍රජා ශාලාවක් සහ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයක් ලමා උද්‍යානයක් සෑදීමට මෙදිනම මුල්ගල තබන ලදී.

මෙම ව්‍යාපෘතින් සඳහා සම්බන්ධීකරණය සහ ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ මුලතිව් අලම්පිල් පිහිටි 24 වන බල ඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි.

මෙම අවස්ථාවට නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයේ උප කුලපති සහ තායිවානයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෝදාගම චන්දිම ස්වාමින් වහන්සේ, මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුන වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත්, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති සහ බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා, බෞද්ධාලෝක පදනමේ අධ්‍යක්‍ෂිකා සමන්තා සුමතිපාල මහත්මිය, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි ප්‍රදීප් ගුණවර්ධන මහතා, 24 වන බල ඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් රුවන් රුද්‍රිගූ මහතා ඇතුළු යුධහමුදා සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටිහ.

Visit the link for the full album