
බෝදාගම චන්දිම නාහිමියන්ගේ මෑණියන් වන හීන්නෝනා ලියනාරච්චි මෑණියන් වහන්සේගේ නව වන ගුණානුස්මරණ පිංකම පසුගියදා (2024.04.09) පැවැත්වූ අතර ගරුතර මහාසංඝරත්නය ප්රමුඛ බුද්ධශ්‍රාවිකාවන් ඒ සඳහා වැඩම කරවා සංඝික දානයක් පූජාකර පැන් වඩා පිං අනුමෝදන් කිරීම සිදුකරන ලදි.
මූලාසනය රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, මහාවිහාරවංසික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියන් විසින් හොබවනු ලැබූ අතර විද්‍යාලංකාර පිරිවෙන්පති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පූජනීය වැලමිටියාවේ ඤාණරතන හිමි, මාඉටිපේ විමලසාර නාහිමි, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, උඩුවේ ධම්මාලෝක හිමි ආදී ගරුතර මහාසංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කරවන ලදි.
වැඩම කළ මහසඟරුවනට හා බුද්ධශ්‍රාවිකාවන් මෙන්ම උපකාර කළ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමු.











