බුද්ධ ශාසන අමාත්‍යංශයේ ගොඩනැගිල්ල ඉදිරිපස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම සදහා බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට මුල්ගල තැබීම

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ගොඩනැගිල්ල ඉදිරිපස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම සදහා බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට මුල්ගල තැබීම

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව අපගේ අනුග්‍රහය ඇතිව ඉදිකිරීමට යෝජිත නො: 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි එම ගොඩනැගිල්ල ඉදිරිපස කළුගලින් නිර්මාණය කොට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම සදහා බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට අද දින අප විසින් එහි මුල්ගල තබන ලදි.

මේ අවස්ථාව සදහා බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ගරු සෝමරත්න විදානපතිරණ මැතිතුමන්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමන් ඇතුළු පිරිස සහභාගි විය.