
ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ උපදෙස් හා අනුග්‍රහය මත ක්‍රියාත්මක වන බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් ඒ සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම අද දින අප විශ්වවිද්‍යාලයේ දී සිදුකෙරිණි. මේ සදහා මෙහෙණිවරු විශාල ප්‍රමාණයක් සම්බන්ධවිය.
තායිවානයේ ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ සමාධි ආයතනයේ එම වැඩකටයුතු වල නියැලෙමින් සහයෝගය දක්වන කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය හේනේගම ධම්මරතන හිමියන් විසින් විශේෂ දේශනයක් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා වැඩබලන උපකුලපති, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමියන්, ආචාර්ය හේනේගම ධම්මරතන හිමියන්, මෙම බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහනේ සංවිධායක වශයෙන් කටයුතු කරන කථිකාචාර්ය පූජ්‍ය සුරියවැව සුමේධ හිමියන් සහ ලේඛකාධිකාරී, සහකාර ලේඛකාධිකාරී ඇතුලු පිරිස සහභාගී වි සිටියහ.





