
ජාත්‍යයන්තර වශයෙන් විශාල ධර්මදුත මෙහෙවරක යෙදුණු, වයඹ පළාතේ පන්නල ගලයාය ප්‍රදේශයේ උපන්, අග්ගමහා පණ්ඩිත, පූජ්‍ය ගලයායේ පියදස්සි නායක මාහිමිපාණන් වහන්සේ දෙසැම්බර් මස 19 වන දින අපවත් වන්නට යෙදුණි.
බුදුදහම ජාත්‍යයන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට විශාල මෙහෙවරක් ගන්නා යතිවරුන් අතරින් එක් යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් දෙස් විදෙස් හි ප්‍රචලිත වූ, එංගලන්ත මහරැජිනගෙන් Member of British Empire ගෞරව පදවි ලද ශ්‍රී ලංකාවේ පලමු බෞද්ධ භික්ෂූන් වහන්සේ වූ, මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, ලන්ඩන් කිංස්බරි ශ‍්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, අග්ගමහා පණ්ඩිත, පූජ්‍ය ගලයායේ පියදස්සි නායක මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු!