පූජ්‍ය ආචාර්‍ය බෝදාගම චන්දිම නාහිමියන් අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වෙත වැඩම කල අවස්ථාව

පූජ්‍ය ආචාර්‍ය බෝදාගම චන්දිම නාහිමියන් අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වෙත වැඩම කල අවස්ථාව

වසර 40 කට පසු අප ඉගෙනගත් වර්තමානයේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය නමින් හදුන්වනු ලබන, එකල බුද්ධශ‍්‍රාවක ධර්ම පීඨය යන නමින් හැදින්වු අපගේ විශ්වවිද්‍යාලය වෙත වැඩම කරන්නට අවස්ථාවක් ලැබිණ. එකල අප එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස එහි නේවාසිකව අධ්‍යාපනය ලබන කාලයේ ආගමික හා සාමාජීය බොහෝ සේවාවන් අපගේ මුලිකත්වයෙන් අප ශිෂ්‍ය අවධියේදී සිදුකරන්නට යෙදුණි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති, පූජ්‍ය මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නාහිමියන් මුණගැසි වර්තමානයේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු පිළිබද සාකච්ඡා කරන්නට යෙදුණි.