
පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත් තණමල්විල බෝදාගම ප්‍රදේශයේ ජනතාවට වියළි සලාක බෙදාදීම, 2021 ජුලි 18 වන දින එම ගම්මානයේදී සිදු කරන්නට යෙදුණි.
මීට අමතරව ප්‍රදේශයේ ගම්මානවල ගැබිණි මව්වරුන්ට හා ළඳරුවන්ට අවශ්‍ය උපකරණ කට්ටල සහ ආහාර ද්‍රව්‍ය බෙදාදීම ද අප විසින් සිදු කරන්නට යෙදුණි.
මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට මෙම අවස්ථාවට වැඩමවා වදාළ ගෞරවණීය මහ සංඝරත්නය ඇතුළු සියළු දෙනාවම පුණ්‍යාණුමෝදනා පුර්වකව සිහිපත් කරමු.