
පකිස්ථාන් මහකොමසාරිස් කාර්යලයේ සංවිධායකත්වයෙන් හා අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද ගන්ධාර් 2023 විශේෂ සම්මන්ත්‍රණය 2023.09.13 වන දින අප විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මේ සඳහා බුද්ධශාසන අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඉමිතියාස් බාකිර් මාකර් මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් ද පකිස්ථාන් මහකොමසාරිස්තුමා ඇතුළු විදේශ විශාල දූත පිරිසක් සහභාගී විය. ගරුතර මහා සංඝරත්නයේ හා විද්වත් පර්ෂදවලින් සමන්විත මෙම සම්මන්ත්‍රණයේ දී පකිස්ථාන් පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ සාකච්ඡා වුණි.