
2021 ඔක්තෝම්බර් මස 14 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේහි පුනර්භව පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය නවගමුවේ රේවත නාහිමියන්, මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුළු කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිමිවරුන්, වියට්නාම් තානාපති Ho Thi Thanh Truc මැතිණිය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අමාත්‍යතුමන්, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුමන් ඇතුළු සම්භාවණීය අමුත්තන් සහභාගි වන්නට යෙදුණි.





