නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සහ ‘දයිචි’ ජපන් අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සහ 'දයිචි' ජපන් අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සහ ‘දයිචි’ ජපන් අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ‘දයිචි’ ජපන් භාෂා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පනාමුරේ චන්දිම හිමියන් සහ අපගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේදී සිදුවිය.

මෙම අවස්ථාවට අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙනුවෙන් මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා, භාෂා අධ්‍යයනාංශයේ අංශාධිපති පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමි, උපකුලපති සම්බන්ධීකාරක පූජ්‍ය සූරියවැව සුමේධ හිමි, අභ්‍යන්තර ගුණාත්මක තත්ව සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සේනක සෙනෙවිරත්න මහතා, ආචාර්ය කනිෂ්ක විජයරත්න මහතා, කථිකාචාර්ය ඉෂාරි ෆොන්සේකා මෙනෙවිය සහ දයිචි ජපන් භාෂා අධ්‍යයන ආයතනය වෙනුවෙන් හක්ස්ලි ධර්මදාස පෙරේරා මහතාද සහභාගී වූහ.