
කැළණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තෙවන උපාධි ප්‍රදානෝත්සවය උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (2020/12/17) නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනන පරිශ්‍රය තුල පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.
මෙහිදි බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි 19 ද, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා 47 ක් සහ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි 63 ක් ප්‍රධානය කළ අතර මෙම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පාලකසභා අධ්‍යක්‍ෂක ජගත් සුමතිපාල මහතා, සානාතන මණ්ඩලයේ සභිකයින් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී විය. මෙහි ප්‍රධාන දේශනය ඇමරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ ඖෂධ රසායන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා online තාක්‍ෂණය ඔස්සේ පවත්වනු ලැබුවේය.