
දඹුල්ල ගල්කිරියාගම ප්‍රදේශයේ පිහිටි පාරිසරික හා ඓතිහාසික වැදගත්කමකින් යුතු නාමල් උයන සහ රෝස තිරිවානා නිධිය, එම ගම්වාසීන්ගේද දායකත්වයෙන්, ආරක්ෂා කරගෙන මතුපරපුරට දායාද කල, පූජ්‍ය වනවාසී රාහුල හිමියන් අපට බොහෝ හිතෛෂී ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි.
පසුගිය දෙසැම්බර් 01 වන දින කැලණිය, මානෙල්වත්තේ පිහිටි අපගේ නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පන්දහසක් බුද්ධ ශ්‍රාවිකාවන් උදෙසා මහා පරිෂ්කාර පූජාවක් සිදුකළ අතර අපගේ ආරාධනාවෙන් වැඩමකල රාහුල හිමියන් විසින් නැවත කළසිහිපත් කිරීමකට අනුව සහ මීට බොහෝ කලක පටන් කළ ආරාධනාවන්ට අනුව, දඹුල්ල වෙත වැඩම කල අපට එහිදී ශාසනිකවත් පාරිසරිකවත් වැදගත්කමකින් යුතු ජාතික නාමල් උයනේ සිසිලස විඳගැනීමට හැකිවූ අතර, අප සමඟ එම ගමනට එක්වූ භූතානයේ ස්වාමීන් වහන්සේ ද ඒමහා ලෝක උරුමය දැක විශ්මයට පත් වූ බව සටහන් කරනු වටී.









