ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීමෙන් ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද භාරතයේ දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මේ වනවිට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී මහජනතාවට වන්දනාමාන කිරීමට ප්‍රදර්ශනය කර ඇති අතර එම සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරවූ දූත පිරිසට අයත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් 07 වන දින අප මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා වැඩම කළහ.




