
අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මඟින් උතුරු නැගෙනහිර දක්ෂතා ඇති සුදුසුකම් සපුරන දුවාදරුවන් උදෙසා “බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල” තුලින් පහසුකම් සපයාගෙන උපාධි හැදෑරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර ඒ අනුව උතුරු නැගෙනහිර දුවාදරුවන්ට එම වැඩසටහන පිළිබද හදුන්වා දීමේ සමාරම්භක අවස්ථාව 2023 මාර්තු මස 25/26 යන දෙදින තුළ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා උතුරු නැගෙනහිර සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සුදුසුකම් සපුරා ඇති මෙන් ම දක්ෂතා ඇති දරුවන් සහභාගී වූ අතර අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය හා පාඨමාලා පිළිබද අවබෝධය ලබා දීම සිදුකෙරිණි. එහිදී අප විසින් ඔවුන් වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරමින් තිළිනයන් ද ප්‍රදානය කළ අතර අපගේ මේ වෑයම සඳහා එම දරුවන්ගේ දෙමව්පියන්ගේ නොමද ප්‍රසංශාව හිමි වීම සුවිශේෂී කරුණක් විය.