
පසුගිය දිනවල තායිවානයේ වෙසෙන අපගේ දායකාරකාදීන් පොසොන් පොහොය නිමිති කරගෙන ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන වන්දනාමාන කරගනිමින්, ඉතා දුෂ්කර ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන පවුල් සදහා විවිධාකාරයෙන් ආධාර උපකාර කරමින් සමාජ සත්කාරයන් ද සිදුකරන්නට යෙදුණි. එහිදි අප විසින් මිහින්තලා පූජා භූමියේදී අපේ රටේ බෞද්ධ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබදව චීන බසින් දේශන කිහිපයක් පවත්වන්නට යෙදුණි. එසේම අවසාන වශයෙන් අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී අප විසින් ධර්ම දේශනාවක් සිදුකරන්නට යෙදුණු අතර භික්ෂුන් වහන්සේලා සියක්නමක් උදෙසා ගිලන්පස දානයක් ද පිරිනමන්නට යෙදුණි.
ඒ තුළින් අත්පත් කරගත්තා වූ කුසල් දහම් අපගේ ගුරුදෙවෝත්තමයන් වහන්සේලා සහ දෙමාපිය දෙපළ ඇතුළු අපට සිව්පසයෙන් උපස්ථානකොට මියපරලොව යන්නට යෙදුණු ලෝකවාසී සියලු දායකාරකාදීන්ට මේ පින් අනුමෝදන් වේවා!