
චීනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ ආරාධනයකට අනුව මැයි මස 5, 6 දෙදින තුළ චීනයේ බෙයිජිං නුවර තානාපති කාර්‍යාලය තුළදි වෙසක් උත්සවය පැවැත්වීමෙන් අනතුරුව මැයි මස 7, 8 යන දිනයන් වල චීනයේ බෙයිජිං නුවර පිහිටි Lingguang සහ චීන බෞද්ධ සංගමයේ මුලස්ථානය වන Guangji යන පන්සල් වැද පුදා ගැනීමට අපට අවස්ථාවක් උදාවිය.