
අපගේ අවවාද අනුශාසනා යටතේ හා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව දෙවන වරටත් පවත්වන්නට යෙදුණු 2024 වෙසක් උත්සවය පසුගියදා පැවැත්විණි.
චීන දායක දායිකාවන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති එම උත්සවය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය සහභාගී වූ අතර ධාතු ප්‍රදර්ශනය හා වන්දනාවන් ද පැවැත්වුණු මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන් ඇතුලු නිලධාරීන් ද සහභාගී විය.















