
අපගේ 68 වන ජන්ම දිනය වෙනුවෙන් පවත්වන පින්කම් මාලාවේ පළමු වැඩසටහන ලෙස ගැබිණි මව්වරුන් 250 දෙනෙකුට අවශ්‍ය උපකරණ සහ අඩු ආදායම්ලාභී පවුල් වල දුවා දරුවන් 250 දෙනෙකුට පාසල් පොත් සහ උපකරණ පරිත්‍යාග කිරීම අද (02) දින පෙරවරුවේදී කැලණිය, මානෙල්වත්ත අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ හිටපු කතානායක අශෝක සපුමල් රන්වල මැතිතුමා සහ අපගේ හිතවත් විදේශීය දායක කණ්ඩායමක් සහභාගිවීම විශේෂ කරුණක් විය.













