
කැළණිය, මානෙල්වත්ත පිහිටි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති සහ ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ජාත්‍යන්තර ජනාධිපති උපදේශක පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නායක හිමිපාණන්ව පුජ්‍ය ආචාර්ය අග්‍රහරේ කස්සප නායක ස්වාමීන් වහන්ස (බෞද්ධ කටයුතු), සිව ශ්‍රී ආචාර්ය බාබු ශර්මා කුරුක්කල්තුමා (හින්දු කටයුතු), අල්-හාජ් ආචාර්ය අස්-සෙයියද් හසන් මව්ලානා පුජකතුමා (මුස්ලිම් කටයුතු) සහ ආචාර්ය සික්ටස් කුරුකුලසූරිය පියතුමා (ක්‍රිස්තියානි කටයුතු) යන බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරකවරුන් විසින් බැහැදැක ගැනීමට පැමිණ සිටියහ.
එහි දී ජාතික සමගිය සහ ආගමික සහජීවනය ශක්තිමත් කිරීම පිණිස අනාගත වැඩපිළිවෙළ ගැන විශේෂ සාකච්ඡාවක් කැළණිය, මානෙල්වත්ත පිහිටි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති සහ ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ජාත්‍යන්තර ජනාධිපති උපදේශක පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නායක හිමිපාණන් හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරකවරුන් අතර පැවතුණි.
මෙම සාකච්ඡාව පසුගිය දා (24) කැළණිය, මානෙල්වත්ත පිහිටි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පවත්වා තිබුණා.
‘ගරුතර මහා සංඝරත්නය සමඟ හින්දු, ඉස්ලාම් සහ කිතුනු පුජක තුමන්ලා අතර සමගිය’ යන තේමාව යටතේ පූජකවරුන් හට එකට වැඩ කිර්‍රිමට සහ භාෂාව හසුරුවීමට ද අවස්ථාවක් සලස්වා දීම අරමුණ කර ගනිමින් එම සාකච්ඡා සිදු කර තිබීම විශේෂත්වයකි.
තවද එම හමුවේදී “ශ්‍රී ලංකා ජාතික එකමුතු පදනම” යනුවෙන් සංවිධානයක් ස්ථාපිත කිරීම සහ එම පදනම තුළින් ජාතින් අතර එකමුතුව ශක්තිමත් කිරීම හා ආගමික සංහිඳියාව ඇති කරවීම යන වැඩපිළිවෙත් රාශියක් ගැන දීර්ඝ සාකච්ඡා සිදුකර තිබුණා.
Content provided by News Now