කැලණිය මානෙල් වත්ත නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයේ දී ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රයේ ආරම්භය

කැලණිය මානෙල් වත්ත නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයේ දී ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රයේ ආරම්භය

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව කැලණිය මානෙල්වත්ත නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනය තුළ ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රය ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් 2021 අප්‍රේල් 09 වන දින ස්ථාපිත කෙරුණි.

නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයෙහි උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලි මහතා, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපති හා නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයෙහි අධ්‍යක‍ෂක ජගත් සුමතිපාල මහතා, ස්වාමි විවේකානන්ද මධ්‍යස්ථානයේ අධ්‍යක‍ෂක ආචාර්ය රීවන්ත් වික්‍රම් මහතා සහ නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයෙහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම උත්සවයට සමගාමීව ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ ආදරණීය මැණියන් අභාවප්‍රාප්ත වී වසර 06 ක් සපීරිම නිමිත්තෙන් සංඝගත දක්ෂිණාවක් ද පිරීනැමූ අතර මෙම ප්‍රදේශයේ සිටින්නා වූ ගැබිණි මාතාවන් සඳහා අවශ්‍ය උපකරණද ලබාදුණි.