ඓතිහාසික අනුලා සෑ පුදබිමේදී මෙහෙණින් වහන්සේලා 5000 ක් උදෙසා පවත්වනු ලැබු බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාමය පිංකම

ඓතිහාසික අනුලා සෑ පුදබිමේදී මෙහෙණින් වහන්සේලා 5000 ක් උදෙසා පවත්වනු ලැබු බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාමය පිංකම

අප විසින් පවත්වනු ලබන බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාමය පිංකම 17 වන වරටත් නොයෙකුත් කරදර බාධක මැදින්, ඓතිහාසික අනුලා සෑ පුදබිමේදී මෙහෙණින් වහන්සේලා 5000 ක් උදෙසා මෙම මස 26 වන දින පවත්වන්නට යෙදුණි.

මේ තුලින් අත්පත් කරගත් කුසල් දහම් අපගේ ගුරුදෙවයන් වහන්සේලාටත්, දෙමාපිය දෙපලටත්, වසර ගණනක සිට අප සමග පුණ්‍ය කටයුතු වලට සහයෝගය ලබාදෙමින් අපවත් වී වදාළ පූජ්‍ය කණ්ඩක්කුලමේ ධම්මකිත්ති නායක හිමියන්ටත්, පූජ්‍ය පංඥාකිත්ති පණ්ඩිත හිමියන්ටත්, පූජ්‍ය ආචාර්‍ය පල්ලෙවෙල සාරද අනු නායක හිමියන් ඇතුළු නන් අයුරින් අපට සහයෝගය ලබාදී අපවත් වී වදාළ සියලුම ගරුතර ස්වාමින්වහන්සේලාටත්, එසේම වසර 25 ක පටන් අද දක්වා අපහට සහයෝගය ලබාදී මියපරලොව යන්නට යෙදුණු සියලුම ගිහි පින්වතුන්ටත් මේ පින් අනුමොදන්ව සසර කතරෙන් අත් මිදෙවායි ප්‍රාර්ථනා කරමු.

Visit the link for the full album