උසස්පෙළ සිසුන් 500ක් වෙත පාසල් උපකරණ බෙදාදීම හා අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් මලු 300ක් ලබාදීමේ කටයුත්ත

උසස්පෙළ සිසුන් 500ක් වෙත පාසල් උපකරණ බෙදාදීම හා අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් මලු 300ක් ලබාදීමේ කටයුත්ත

“ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල” මඟින් උසස්පෙළ සිසුන් 500ක් වෙත පාසල් උපකරණ බෙදාදීම හා අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් මලු 300ක් ලබාදීමේ කටයුත්ත 2023.09.19 වන දින මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමියන් ඇතුලු මහාසංඝරත්නය, බුද්ධශ්‍රාවිකාවන් සහ ගිහිපැවිදි පිරිසක් සහභාගි විය. මෙම කටයුතු සඳහා අනුග්‍රහය දක්වනු ලැබූයේ Best Wishes Foundation හා විධායක නිළධාරිතුමා ඇතුලු විදේශීය පින්වත් දායක දායිකා පිරිසකි.

Visit the link for the full album