
2021.09.21 දින උදෑසන ඉරාන තානාපතිතුමන් (Mr. Hashem Ashjazadeh) සහ ආර්ථික කටයුතු උපදේශකතුමන් (Mr. K. Soheil) ඇතුළු පිරිස අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණ, මෙම කොවිඩ් වසංගත තත්වය යටතේ අප අධ්‍යයන ආයතනයේ අධ්‍යයන කටයුතු සිදුකිරීම සහ වර්තමාන ඉරානයේ උසස් අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යන ආකාරය ද අප සමග සාකච්ඡා කරන්නට යෙදුණි.