ඉන්දීය සුප්‍රකට රංගන හා නර්තන ශිල්පී ප්‍රභූ දේවා මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

ඉන්දීය සුප්‍රකට රංගන හා නර්තන ශිල්පී ප්‍රභූ දේවා මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය සුප්‍රකට රංගන හා නර්තන ශිල්පී ප්‍රභූ දේවා මහතා, NIIBS ආයතනය සතු අලංකාර භූමිය තුළ මුසාසි (Musasi) හි පටිගත කිරීම් සඳහා 2023.09.16 වන දින සංචාරයක නිරත විය. ප්‍රභූදේවා සලකනුයේ ඉන්දීය සිනමාවේ මයිකල් ජැක්සන් ලෙස ය.

එතුමන් විසින් අප ආයතනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආයතනික පරිසරය පිළිබඳ විශාල සතුටට පත් වූ අතර යලිත් දිනක සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.