
අප විසින් සුපසන් බුද්ධශ්‍රාවිකාවන් නිර්මාණය කරනු පිණිස බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර, දෙස්විදෙස් බොදුනු ජනයා සම්බන්ධ කරගනිමින් එකී වැඩසටහන් සාර්ථකව නිමාවට පත් කළෙමු. උගත් වියත් වැදගත් බුද්ධශ්‍රාවිකාවක් නිර්මාණය කරනු වස් ශාස්ත්‍රීය බෞද්ධ අධ්‍යාපනය සහ භාෂා ශාස්ත්‍රයන් පිළිබඳ දැනුම ද ලබා දිය යුතු යැයි කාලයක පටන් අප අදහස් කළ සිතුවිල්ලකි. එබැවින් එම අදහස ක්‍රියාවට නංවනු පිණිස “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව” වැඩසටහන ආරම්භ කළෙමු.
