ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් සහ එංගලන්තයේ කිංස්බරි බෞද්ධ මහාවිහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය විල්බාගෙදර ඥාණිස්සර නාහිමිපාණන් අතර හමුව

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් සහ එංගලන්තයේ කිංස්බරි බෞද්ධ මහාවිහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය විල්බාගෙදර ඥාණිස්සර නාහිමිපාණන් අතර හමුව

බොහෝ ආරාධනා ලැබුනත් කාලය නොමැති කමින් යුරෝපාකරයේ සංචාරය කිරීමට වසර ගණනාවක සිට අපට අවස්ථාවක් නොලැබුන අතර, මීට සති කිහිපයකට පෙර ලද ආරාධනාවකට අනුව යුරෝපාකරයේ සංචාරයක යෙදුණි. ඒ අතරතුර එංගලන්තයේ කිංස්බරි බෞද්ධ මහාවිහාරයට වැඩම කොට එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය විල්බාගෙදර ඥාණිස්සර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කරන්නට යෙදුණි.

පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්, කච්චිවත්ත පුරාණ මහාවිහාරයේ විහාරාධිපති පුජ්‍ය උළුවිටිගේ බෝධිසීහ හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා අපත් සමඟ මේ සංචාරය සඳහා සහභාගි වන්නට යෙදුණි.