
අපගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන බණ්ඩාරගම ලියෙන්සින් පෙර පාසල, බෝදාගම ලියෙන්සින් පෙර පාසල, හම්බන්තොට සමාධි පෙර පාසල, තණමල්විල විජිත ලියෙන්සින් පෙර පාසල, අගුණු කොළ වැව ලියෙන්සින් පෙර පාසල, චූටි තරු ලියෙන්සින් පෙර පාසල සහ සිඟිති කුසුම් ලියෙන්සින් පෙර පාසල යන පෙර පාසල් හතක දරුවන් 200 දෙනෙකුගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පවත්වන විවිධ ප්‍රසංගය 2023 දෙසැම්බර් මස 09 වන දින ඉතා සාර්ථකව අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පෙර පාසල්වල දරුවන්ගේ නර්තන ගායන හැකියාවන්ගෙන් උත්සවය විචිත්‍රවත් වූ අතර මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධ විය. මීට අමතරව මේ විවිධ ප්‍රසංගය සදහා සහභාගි වූ සියලුම පෙර පාසල් දරුවන් උදෙසා ත්‍යාග ප්රදානයක්ද අප විසින් සිදුකරන්නට යෙදුණි.








