
අනුලා ස්තූපයෙන් හමුවූ අනුලා මහරහත් තෙරණියගේ ධාතුන් වහන්සේලා ඇතුළු සියලුම පූජා වස්තූන් මෙම මස 21, 22, 23 යන තෙදින තුළ අනුරාධපුර, සිංහ කණුව අසල, ප්‍රාදේශීය පුරාවිද්‍යා පරිශ්‍රයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ඒකාබද්ධව ලෝකවාසී ජනතාවට දැකබලා වන්දනාමාන කරගැනීමට අවස්ථාවක් උදාකර දෙන්නට යෙදුණි. මේ ප්‍රදර්ශනය සදහා දිවයිනේ නන්දෙසින් විශාල ජනකායක් පැමිණි අතර, මෙම ප්‍රදර්ශනයෙන් අනතුරුව ධාතුන් වහන්සේලා ඇතුළු පැවති සියලු පූජා වස්තූන් නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සුරක්ෂිතව තබා ඇත.
මේ ප්‍රදර්ශනය සදහා සහයෝගය ලබාදුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමන්, මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා ඇතුළු නන් අයුරින් සහයෝගය ලබාදුන් ගිහි පැවදි සියලු දෙනාටම පුණයානුමෝදනා වේවා!














