
අප විසින් මෙහෙණින් වහන්සේලා 5000 කට බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාමය පිංකම පැවැත්වීමට දිනකට පෙර අනුලා ස්තූපයේ කැණිම් කටයුතු සිදුකරන අතරතුර පූජනීය ධාතුන් වහන්සේලා සහ පූජනීය වස්තූන් රැසක් සොයාගන්නට ලැබුණි.
එහි ධාතුන් වහන්සේලා කිහිපයක් බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාමය පිංකම පැවැත්වූ දින වන්දනාමාන කිරීමට මෙහෙණින් වහන්සේලා ඇතුළු ගිහි පිරිසට අවස්ථාවක් ලබාදුණි. පුරාවිද්‍යා කැණිම් අවසන් වු පසු මෙම ධාතුන් වහන්සේලා සහ පූජනීය වස්තූන් ලෝකවාසී සියලු ජනතාවට දැක බලා වැඳ පුදා ගැනීමට සැලැස්වීම අපගේ අපේක්ෂාවයි.





