
අනුලා මහරහත් තෙරණින් වහන්සේගේ ස්තූපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ දින වල කැණීම් සිදුකරනු ලබන අතර, පෙබරවාරි 18 වන දින ඒ කැණීම් කටයුතු වලදී මැටි කරඬු හා පළිගුවෙන් නිර්මාණය කරන ලද කරඬුවක් ලැබුණා. එය තුළ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ හිඳින බව අප විශ්වාස කරනවා. තවත් බොහෝ පූජනීය වස්තු ඉදිරි කැණීම්වලදී සොයාගැනීමට පුළුවන් වෙයි.





