අනුලාදේවී ස්ථූපයේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

අනුලාදේවී ස්ථූපයේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

ලක්දිව පළමු භික්ෂුණින් වහන්සේ වන අනුලා භික්ෂුණිය ඇතුලු භික්ෂුණින් වහන්සේලා වැඩසිටි විහාර භූමිය ලෙස සැළකෙන අනුලා මහරහතන් තෙරණින් වහන්සේගේ ශාරීරික ධාතූන් තැන්පත් අනුලා ස්ථූපය හා එම ඓතිහාසික වටිනාකමක් ඇති පූජා භුමියෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම 2021 දෙසැම්බර් මස 08 වන දින එනම් අද දින අප විසින් ආරම්භ කරන්නට යෙදුණි.

මේ සදහා සම්බන්ධීකරණය සිදුකරමින් මෙම වැඩ කටයුතු සිදුකිරීම සදහා අපමණ සහයෝගයක් ලබා දෙනු ලබන්නේ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ විසිනි.